ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව වහාම අත්අඩංගුවට ගන්න..! මිනීමැරුම්,ස්ත්‍රී දූෂණ,සාගින්න ද ඇතුළත් කර සිංගප්පූරුවේ නීතිපතිට ITJP යෙන් අපරාධ පැමිණිල්ලක්..!

Gotabaya Rajapaksa Sri Lanka Singapore
By Sewvandhi Jul 24, 2022 11:51 AM GMT
Report

ශ්‍රී ලංකා හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ යුද අපරාධ සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතීඥයින් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2009 සිවිල් යුද්ධයේදී රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝණය කළ බවත්, මේවා විශ්ව අධිකරණ බලය යටතේ සිංගප්පූරුවේ දේශීය නඩු පැවරීමට යටත් වන අපරාධ බවත් පිටු 63 කින් යුත් පැමිණිල්ල තර්ක කරයි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කර ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර අපරාධ නීතිය උල්ලංඝනය කර ඇති බවට නීතිමය පැමිණිල්ල තර්ක කරයි.

මිනීමැරුම්, මරණ දණ්ඩනය, වධහිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීම, ස්ත්‍රී දූෂණය සහ වෙනත් ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වය, නිදහස අහිමි කිරීම, දරුණු කායික හා මානසික හානි සහ සාගින්න ඊට ඇතුළත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

Join Now 


GalleryGalleryGallery