ජනපති රැගත් ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වයි

Gotabaya Rajapaksa Sri Lanka Singapore
By Sithumi Jul 14, 2022 11:30 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට ළඟාවී තිබෙනවා. ඔහු ගමන් කළ යානය මීට සුළු වේලාවකට පෙර සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපල වෙත ගොඩබැස්වූවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට යන ගුවන් යානය ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කළ ගුවන් යානය බවට ද පත්වුණා.

එමෙන්ම එය ගොඩබස්වන අවස්ථාවන වන විට ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කරන ගුවන්යානය ලෙසට පළමු තැනට ද පත්වුණා. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙමගින් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳ ලොව පුරා පවතින උනන්දුව මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි.

Flightradar24.com හි දත්ත වලට අනුව, Male සිට ගමන් කළ Boeing 787-9 Dreamliner ගුවන් යානය ගොඩබැස්වීමට ආසන්න වන විට පරිශීලකයින් 12220කට වැඩි පිරිසක් විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

එය යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා යානයක් නිරීක්ෂණය කරන පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩි බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now