ගෝඨා අමතකවෙලා දාලා ගිය සල්ලි - අරගලකරුවන් ගිනි තබා විනාශ කරපු නිවාස හිමියන්ට දෙන්න තිබ්බ ඒවාලු.

Gotabaya Rajapaksa Sri Lanka Gota Go Home 2022 SL Protest
By Wayomi Apr 01, 2023 10:49 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගිය ජූලි 09 වන දා, ඔහු ජීවත්ව සිටි මන්දිරය තුළ දමාගොස් තිබී හමු වූ රුපියල් මිලියන 17.85 ක මුදල සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කළ බව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, පුරවැසි බලය නම් සංවිධානය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.

මූලික විමර්ෂණයේ දී හිටපු ජනාධිපතිවරයා අදාල මුදල් තමන්ගේ බව පවසා ඇති අතර, ඒ මොහොතේ උද්ගතව තිබුණු තත්ත්වය අනුව මුදල් මන්දිරය තුළ දමා යෑමට සිදු වූ බවයි ඔහු පවසා ඇත්තේ.

පසුව ඔහු මුදල්වල අයිතිය ඉල්ලා තිබුණද පැමිණිල්ලේ නීතීඥවරු ඊට විරෝධය දක්වා තිබෙනවා.

මුදල් තමන්ගේ බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයා, එම මුදල්, අරගල සමයේ දී අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද නිවාස හිමියන් වෙත බෙදා දීමට තිබුණු මුදල් බවයි පවසා තිබෙන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW