රන් ආභරණ පළඳින සියලු දෙනාට විශේෂ පණිවුඩයක්.!!.
මවකගේ ගෙල කපා රන් මාලය කඩාගනී රන් ආභරණ පැළඳ ගමන් බිමන් පරිස්සමින් අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන ගොස් ඇත.
මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවකි.
ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන අතර අද (04) පෙරවරු කාලයේදී පොල්පිතිගම නගරයට ගොස් නිවෙසට අවශ්‍ය බඩු රැගෙන ආපසු නිවෙසට යන අතරතුර මෙම සිදුවීමට මුහුණ දී ඇත.
පොලීසිය සදහන් කළේ ඝාතනය ලක්වන අවස්ථාවේ ඇගේ අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවා වඩාගෙන සිට ඇති බවයි.
ඉරුදෙණියාය තොළඹුඇළ ප්‍රදේශයේ දී ඇයගේ ගෙල බැඳි මාලය කඩා ගන්නා අවස්ථාවේදී වෙස් වලා සිටි සැකකරු ඇය හදුනා ගත් බවත් එම සොරකමෙන් බේරෙන්නට සැකකරු මෙලෙස ගෙල කපා පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම සිද්ධියත් සමග අත දරුවා කෑ ගසා ඇති අතර ඒ ශබ්දය ඇසී අවට කතක් දරුවා වඩාගෙන තුවාලකරු රෝහල් ගත කර කොට ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියාව යුක්රේනයට අතිරේක සන්නද්ධ රථ 34ක් ලබාදෙන අතර, රුසියානු රත්‍රන් ආනයනය තහනම් කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වෙමින් පැවසීය.
ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමග කිවෙය් හිදී පැවති මාධ්‍ය හමුවකදී ඇල්බනීස් පැවසුවේ ඔස්ට්‍රේලියාව තවත් රුසියානු ඇමතිවරුන් සහ කතිපයාධිකාරීන් 16දෙනෙකුට සම්බාධක සහ සංචාරක තහනම් පනවන බවත්, ඔස්ට්‍රේලියාව විසින් සම්බාධක පැනවූ මුළු රුසියානු ජාතිකයන් සංඛ්‍යාව 843ක් බවත් සඳහන් කළේය.
එමෙන්ම, ඇ.ඩො.මිලියන 68ක් වටිනා නව ආධාර පැකේජයක කොටසක් ලෙස යුක්රේනයට බුෂ්මාස්ටර් 20ක් සහ යුක්රේනය ඉල්ලා සිටින ඩ්‍රෝන යානා වැනි අනෙකුත් තාක්ෂණික උපකරණ ලබාදෙන බව ඇල්බනීස් පවසා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |