අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න.. මිනිස්සු කලබලවෙලා ඉන්නේ.. බන්ධනාගාර මාධ්ය ප්රකාශකට අස්ගිරි මහනා හිමි කියයි
සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ප්රකාශ කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අද (16) අස්ගිරි මහා විහාරයේදී උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මහානාහිමියෝ මේ බව සඳහන් කළහ.
එහිදී ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සඳහා ක්රමවේදයක් පවතින්නේදැයි මහානාහිමියෝ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසා සිටියහ.
ඊට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි.
භික්ෂූන් වහන්සේලාට වෙනම රැඳවුම් ස්ථානයක්?
අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක තිබේ.
එහිදී අදහස් දක්වමින් මල්වතු මහානාහිමියෝ පෙන්වා දී ඇත්තේ විවිධ චෝදනා මත භික්ෂූන් වහන්සේලා රක්ෂිත බන්ධනාගාරගත කිරීම හෝ සිරගත කිරීම සිදු කරන්නේ නම්, උන්වහන්සේලා රඳවා තැබීම සඳහා වෙනම ස්ථානයක් ස්ථාපිත කළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡාවක් පැවැත්වුණද එය නිශ්චිත තීරණයකින් තොරව අවසන් වූ බවද උන්වහන්සේ සඳහන් කළහ. භික්ෂූන් වහන්සේලා රඳවා තැබීම සඳහා වෙනම ස්ථානයක් සකස් කර, එහිදී උන්වහන්සේලාට ආගමික කටයුතුවල නිරත වීමේ නිදහස ලබාදිය යුතු බවත්, උන්වහන්සේලාට යහපත් ආකාරයෙන් සැලකීම අවශ්ය බවත් මල්වතු මහානාහිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.