සාමාන්‍යාධිකාරීවරයෙකුට දූෂණ චෝදනා රැසක්..!

Government Employee Sri Lanka
By Sewvandhi Mar 09, 2023 10:42 AM GMT
Report

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට දූෂණ චෝදනා රැසක් එල්ලවී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුව විසින්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කර සිටියේ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත්කර කරුණු සොයා බලා සති තුනක් තුළ වාර්තා කරන ලෙසය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා.

"ගරු සභාපතිතුමනි,

මේ දිල්රුක් රණසිංහ කියන සාමාන්‍යාධිකාරීවරයා දැන් ඉන්න ඕනේ බන්ධනාගාරගතවෙලා හරි පොලිස් අත්අඩංගුවේ හරි. සාමාන්‍යාධිකාරීවරයාගේ ලියාපදිංචි අංක CAC-7491 දරන වාහනයට වංචා සහගත ලෙස ඉන්ධන ගැසීමට ආයතනයේ මුදල් ලබාගැනීම. සාමාන්‍යාධිකාරීවරයාගේ දුරකථන බිල්පත් ආයතනයෙන් සම්පූර්ණයෙන්ම ගෙවා ඔහුගේ වේතනයෙන් අඩුකළ යුතු වැඩිපුර ගෙවන ලද මුදල වංචා සහගත ලෙස තම වැටුපෙන් අඩු නොකිරීම, ඇඟිලි සලකුණු නොතබා සේවයට වාර්තා කරනවා.

ඒ පිළිබඳ නොසලා හැර වංචාසහගත ලෙස ලබානොගත් නිවාඩු සඳහා දීමනා අරගෙන තියෙනවා. අපනයනකරුවන් ප්‍රවර්ධනය කිරීම සඳහා සාමාන්‍යාධිකාරීවරයා වෙත වෙන්කර ඇති මුදල ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කරමින් ආයතනයේ මුදල් වංචා කිරීම ගැන අපි ළඟ තියෙනවා තොරතුරු. 2022.12.31 දින සේවයෙන් ඉල්ලා අස්වූ මූල්‍ය කළමනාකාරිනිය ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සලකුණු නොතියමින් කාර්යාල පරිශ්‍රයට පැමිණීමට අවසර ලබාදීම හා ඇගේ ප්‍රවාහන පහසුකම් සඳහා සාමාන්‍යාධිකාරීවරයාගේ නිල වාහනය ලබාදීම මගින් මූල්‍ය අංශයේ වාර්තා සහ සටහන් අස්ථානගත කිරීම."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now