තම උපන්දිනයට සේවකයින්ට ඩොලර් ලක්ෂයක් දුන් ව්‍යාපාරිකාව - (PHOTOS)

Australia
By Sewvandhi Feb 08, 2023 12:56 PM GMT
Report

තම උපන්දිනය නිමිති කරගනිමින් සේවකයන් පිරිසකට ඇදහිය නොහැකි ආකාරයේ ත්‍යාගයක් ලබාදීමට සැරසෙන ප්‍රබල ව්‍යාපාරික කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ව්‍යාපාරික ගීනා රයින්හාට් විසින් මෙම සුවිශේෂී තීරණය ගෙන තිබේ.

එහිදී ඇය තීරණය කර ඇත්තේ තෝරාගත් සේවකයින් 41 දෙනෙකු වෙත ඩොලර් ලක්ෂයක් බැගින් ත්‍යාග මුදලක් පිරිනැමීමටය. ඒ සඳහා පතල්, බලශක්ති සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල ඇයට අයත් සමාගම්වල සේවකයින් 4000ක් අතරින් 41 දෙනෙකු තෝරාගැනීමට නියමිතව ඇත.

කුසපත් ඇදීමේ ක්‍රමයකට මෙම වාසනාවන්ත සේවකයින් 41 දෙනා තෝරාගැනීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ සඳහා ගීනා රයින්හාට් අමෙරිකානු ඩොලර් මිලියන 4.1 ක් වෙන්කර ඇත. මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඇයගේ දළ වත්කම මේ වනවිට ඩොලර් බිලියන 34 ක් ලෙසට තක්සේරු කර ඇති බවය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery