රාජ්‍ය ආයතන නිදහස වෙනුවෙන්, සතියක් කරන්න යන දේ ..රජයෙන් විශේෂ තීරණයක්..!

Independent Party Government Employee
By Sewvandhi Jan 29, 2023 09:53 AM GMT
Report

‍75 වන නිදහස් දින සැමරු උළෙල නිමිත්තෙන් සතියක කාල සීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, පෙබරවාරි මස 4වන දිනට යෙදෙන 75 වන නිදහස් දින උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සළකා පෙබරවාරි මස 1 වෙනිදා දින සිට 7 වනදා දක්වා ජාතික කොඩිය එසවීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඊට අදාළ චක්‍ර ලේඛයක් ද නිකුත් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අදාළ චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now