රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ..!

Government Employee Sri Lanka
By Sewvandhi Apr 07, 2023 10:32 AM GMT
Report

රජය විසින්, 2023 පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන් වෙත වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. 

පසුගිය 03 වනදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර, මාර්තු මස 09 වනදා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා කාලය සඳහා අදාළ නිලධාරියාට හිමි මූලික වැටුප ගෙවිය යුතු බව එහි වැඩිදුරටත් සදහන් වනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අසෝක මහතාගේ අත්සනින් යුතු එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින්..


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


Gallery