රජයේ වැටුප් ගෙවීම ගැන විශේෂ නිවේදනයක්..

Shehan Semasinghe Government Employee Sri Lanka
By Sithumi Jan 10, 2023 01:17 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ , රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුලු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි.

 නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදෙන බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,

“පවතින ආර්ථික අර්බුදයෙන් මේ වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතුන ද මෙම අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට හැකියාවක් තවමත් ඇති වී නොමැති බව අපි පිළිගත යුතුයි.

ඒ සඳහා අවශ්‍ය පූර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීමේදී අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවයන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ගෙවීම් සිදු කරනවා. මේ පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නොවේ.” 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now