විෂ දුමක් ආඝ්‍රහණයෙන් රෝහල් සේවකයින් පිරිසක් රෝහලේ..!

Anuradhapura Sri Lanka
By Sewvandhi Jan 14, 2023 11:30 AM GMT
Report

විෂ දුමක් ආඝ්‍රහණය වීමෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, අද (14) පෙරවරුවේ සේවකයින් කිහිපදෙනෙකු රෝහලේ කසළ බැහැර කිරීමේ කටයුතුවල නිරතව සිටියදී ගෑස් කාන්දුවීමක් සිදුව ඇති බවයි.

එහිදී ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් 10දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now