හිටපු ජනපති ලේකම්ට රනිල්ගෙන් ඉහළ තනතුරක්..
Ranil Wickremesinghe
Sri Lanka
By Aruna
හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට ආණ්ඩුවේ තනතුරක් ලබාදීමට යෝජනාවී තිබෙනවා.
ජනාධිපති උපදේශකවරයෙකු ලෙස ඔහුට පත්වීමක් ලබාදීමටයි ආණ්ඩුවේ අදහස වී ඇත්තේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ කටයුතු කරන සමයේ ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කෙරුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කිරීමත් සමඟ ගාමිණී සෙනරත්ට එම තනතුර අහිමි වුණා.
මේ අතර අමාත්‍යංශ දෙකකට හැර සෙසු අමාත්‍යංශවල ලේකම්වරුන් එම තනතුරට යළි පත් කර තිබෙනවා.
නව ලේකම්වරුන් ලෙස පත් කර ඇත්තේ කර්මාන්ත අමාත්‍යංශයට හා ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයටයි.
කර්මාන්ත අමාත්‍යංශයට නව ලේකම්වරිය ලෙස පත් කර ඇත්තේ තිලකා ජයසුන්දරයි.
වෛද්‍ය අමල් හර්ෂ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |