සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් අලුත්ම ගැසට් නිවේදනය නිකුත් වෙයි

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Government Gazette New Gazette
By Sewvandhi Oct 09, 2022 07:59 AM GMT
Report

දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඔක්තොම්බර් මස 7වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පොලිඑතලීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී බදුවලින් නිදහස් කර තිබේ.

අදාළ භාණ්ඩ කර්මාන්ත විෂය භාර අමාත්‍යංශ ලේකම්ගේ නිර්දේශ මත රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටතේ බදුවලින් නිදහස්ව ආනයනය කිරීමට හැකි වේ.

දේශීය සනීපාරක්ෂක තුවා වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ නිෂ්පාදනවල අමුද්‍රව්‍යවල බදු ඉවත් කිරීමට පසුගිය සතියේ තීරණය කරනු ලැබීය.

ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මේ හේතුවෙන් සනීපාරක්ෂක තුවාවල මිල ගණන් අඩුවනු ඇති බව වාර්තා වේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now