පළාත් පාලන මැතිවරණය ගැන අති විශේෂ ගැසට්ටුවක්. (PHOTO)

Election Commission of Sri Lanka Sri Lanka Election
By krishani Apr 19, 2023 07:56 AM GMT
Report

අප්‍රේල් 25 වන දින පළාත් පාලන ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන මගින් දන්වා තිබෙනවා.

අප්‍රේල් 11 වන දා දිනට අදාළව නිකුත් කර ඇති එම ගැසට් නිවේදන මගින් දක්වා ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ජනවාරි මස 18 වනදා සිට 21 වනදා දක්වා සිදුකෙරුණු අතර මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වෙන බවට මීට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබූ බව යි.

මේ අතර, මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින දක්වා කල් දමමින් තේරීම් භාර නිලධාරීන් විසින් මාර්තු මස 8 වනදා ගැසට් නිවේදන නිකුත් කර තිබුණේ ය.

කෙසේවෙතත්, ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි වූ කරුණ තවදුරටත් විසඳී නොමැති බැවින් එදින ද ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් නිකුත් කළ නවතම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙනු ලබන දිනය හෝ ඡන්ද විමසීමට අදාළව ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දු අනුව නව දිනයක් නම් කිරීම සිදුවන්නේ නම් එකී දිනය හෝ එම දින දෙක අතරින් පළමුව එළඹෙන දිනයේ දී පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කරන බව එම ගැසට් නිවේදනයේ දැක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery