රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන ගැන විශේෂ චක්‍රලේඛයක්

Ranjith Siyambalapitiya Government Employee Sri Lanka
By Sewvandhi Jan 09, 2023 12:09 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ,උපයන විට බද්ද රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය මෙම සතියේදී නිකුත් කරන බවයි.

උපයන විට බද්ද, කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබාගන්නා පුද්ගලයින් විසින් රජය වෙත ගෙවිය යුතු අතර, ඇතැම් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් එම බද්ද ගෙවීමේ සිදුවීම් මීට පෙර වාර්තා වී ඇති බවත් එතුමා සඳහන් කරනවා.

එහෙත් රටේ වර්තමානයේ පවතින තත්වය තුළ එවැනි අක්‍රමිකතාවලට ඉඩතැබිය නොහැකි බැවින් ඊට අදාළ චක්‍රලේඛයක් කඩිනමින් නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now