ගෑස් මිල යළි අඩුකරයි?..ඉන්ධන කෝටාවෙත් වෙනසක්?..
ගෑස් මිල තව නොබෝ දිනකින් තවත් අඩුවෙනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පවසනවා.
ඊයේ (01) එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය ආමන්ත්‍රණය කරමින් ඒ මහතා මේ බව කියා සිටියා.
කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ද ඉදිරියේ දී වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. සියයට 70ක්ව තිබූ උද්ධමනය මේ වනවිට සියයට 35ක් දක්වා අඩුවී ඇති බවත් පැවසු සාගල රත්නායක මහතා, එය මේ වසර තුළ කෙසේ හෝ තනි අගයක් දක්වා ගෙන එන බව ද අවධාරණය කළා.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, "QR කේතයෙන් තෙල් ලබාදීම පවා අපේ අරමුණ තව ටිකක් කල් යද්දි, තවත් ආර්ථිකය ශක්තිමත් වෙද්දි ඒවා නිදහස් කරන්න.
සංචාරක වැඩසටහන දියුණු කරන්න පුළුවන් වුණා. මේ වගේ පියවර නිසා අපේ රටේ ආර්ථිකය ස්ථාවර වුණා.
ඒකේ ප්‍රතිඵල අපි දකිනවා. සංචාරකයෝ එනවා. අද ඒ උද්ඝෝෂණ ඉවරයි. අරගල ඉවරයි. රුපියල ශක්තිමත් වෙන්න පටන් ගත්තා.
ජනාධිපති රට භාරගද්දි 70%කට තිබුණ උද්ධමනය ගිය මාසේ අග වෙද්දි 50.3%කට ආවා. අප්‍රේල් මාසයේ 30 වෙද්දි 35%ක් දක්වා අඩුවුණා.
මේ වර්ෂයේ අගවෙද්දි ඒක තනි ඉලක්කමකට ගන්න අපි උත්සාහ කරනවා. IMF එක කියන්නේ ඒකට ලබන වසර වෙනකල් අපිට කල්ගන්න පුළුවන් කියලා. බඩුමිලත් අඩුවුණා.
තෙල් මිලත් අඩුවුණා. තව ටික දවසකින් අපි බලාපොරොත්තු වෙනවා ආපහු ගෑස් මිලත් අඩුවෙයි කියලා.
මේ වගේ අපේ රට ස්ථාවර වෙන්න පටන් ගත්තා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අපි ගිවිසුම් ගතවීමත් සමග තවත් බොහෝ දොරවල් විවර වුණා."
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |