ගෑස් මිල විශාල ගණනකින් පහත දමයි.. නව මිල ගණන් මෙන්න..

Litro Gas Liquefied Petroleum Gas Litro Gas Price
By Aruna Jun 04, 2023 05:25 AM GMT
Report

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 3,186ක්.

මේ අතර, කිලෝ ග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 1,281කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598කි.

මීට අදාල මාධ්‍ය නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery