පාට වෙනස් වූ ගෑස් ලොරියක් පොලීසියට හසුවේ

By Sithumi Feb 20, 2023 03:32 PM GMT
Report

ලාෆ්ස් ගෑස් සිලින්ඩර තොගයක් වර්ණය වෙනස් කර ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ අද පෙරවරුවේ සිදුකළ පරීක්ෂාවකදීයි මෙම ගෑස් ලොරිය පොලිස් භාරයට ගෙන ඇත්තේ.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ කහ පැහැති ලාෆ්ස් ගෑස් සිලින්ඩර නිල් වර්ණය ආලේප කර ඇති බවයි.

එම සිලින්ඩර ලිට්‍රෝ වෙළෙඳ නාමය යටතේ අලෙවිකර ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.