ගම්පහ සභාපතිට නිවස ඉදිරිපිට දී පහරදීමක්..99න් බේරෙයි..

Police Political Gampaha Ranjith gunawardhane
By Aruna Dec 13, 2021 10:53 PM GMT
Report

පසුගිය හත්වැනි දා රාත්‍රියේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි සිය නිවසට යාබද මාර්ගය ඉදිරිපිට දී පිරිසක් තමන්ට පහර දී තමන් ඝාතනය කිරීමට උත්සාහ දැරූ බව ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ පසුගිය හත්වැනි දා රාත්‍රියේ තමන් සිය නිවසට පැමිණෙන විට යාබද මාර්ගයේ ජීප් රථයක් නවතා තිබූ අතර තමන් එතැනට පැමිණීමත් සමග පිරිසක් තමන්ට පහර දුන් බවයි.

රංජිත් ගුණවර්ධන මහතා සඳහන් කරන අන්දමට අදාල පිරිස විසින් පහර දීමත් සමග ඒ මහතා බිම ඇද වැටී ඇති අතර එහිදී ගුණවර්ධන මහතාට අදාල පුද්ගලයින් පිහියකින් ඇනීමට උත්සාහ කර බවත් ඒ මහතා කෑ ගැසීමත් සමග ඔවුන් පළා ගිය බව යි ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ .

එහි දී තමා පොලීසියට දැනුම් දීමෙන් පසුව ගම්වාසීන්ගේ සහාය ඇතිව යාබද වත්තක සැඟවී සිටියේ දී යකඩ පොල්ලක් සහිතව එක් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගත් බව ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

එහිදී අදාළ ජීප් රථය ද යාබද කැලෑබද ප්‍රදේශයක තිබී පොලිසිය සොයා ගත් බවයි .ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ .කෙසේ නමුත් මේ වන විට අදාළ සැකකරු නිදහස් කර ඇති අතර පහර දීමට අදාළ අනිකුත් කිසිදු සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත්වී නොමැති බව රංජිත් ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

පොලිසියේ ක්‍රියා කලාපයත් සමග මෙතන පැහැදිලිවම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තහුරු වන බවයි රංජිත් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ.

එහිදී අදාළ පුද්ගලයන් රංජිත් ගුණවර්ධන මහතාට පහර දෙන අවස්ථාවේ ඒ මහතාගේ ගෙලේ බැද තිබූ රන් මාලයද ඔවුන් කොල්ල කා ඇති බවයි .රංජිත් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම වසර කිහිපයක සිට තමන්ව ඝාතනය කරන බවට දිගින් දිගටම සිය නිවසට යම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් “ලිපි” එවු බව රංජිත් ගුණවර්ධන මහතා සඳහන් කරනවා .

මේ වන විටත් බැලුම්මහර තැපැල් කාර්යාලයට තමන්ට මරන තර්ජනය කරමින් ලිපි එවා ඇති බව ගුණවර්ධන මහතා සඳහන් කරනවා .

මේ වෙන තෙක් තමාට පහර දුන් පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක නො වීමේ හේතුවෙන් තමන් ගේ ජීවිතය දැඩි අවදානමකට ලක්ව ඇති බව යි .

ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now