අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් සජබයෙන් විශේෂ ක්‍රියාමාර්ගයක්.!
Galle Face Protest
SJB
Samagi Jana Balawegaya
By Sewvandhi
ගාලුමෝදර පිටියේ සිටි අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් පහර දීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තුම්මුල්ල එක්සත් ජාතින්ගේ කාර්යාලයට විශේෂ සංදේශයක් භාරදෙනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, මුජුබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් මේ සඳහා එක්ව සිටියහ.
සාමකාමී අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නැයි මෙම සංදේශය මගින් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
ගාලු මෝදර පිටියේ සිටි අරගල කරුවන්ට පහර දිමට එරහිව කොළඹ එක්සත් ජාතින් කාර්යාලයට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සංදේශයක් භාරදීමට පැමිණි අයුරු ඡායාරූපයේ දැක්වේ.
rotest an
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |