පාර්ශව දෙකක් අරගල භූමියෙන් ඉවත් වෙයි..!එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනුත් විශේෂ ඉල්ලීමක්..(VIDEO)

United Nations Galle Face Protest Sri Lanka Sri Lankan political crisis Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 29, 2022 03:26 PM GMT
Report

ගාලු මුවදොර අරගලයට එක්ව සිටි පාර්ශ්ව දෙකක් අද එම අරගල භූමියෙන් ඉවත් වන බව නිවේදනය කළා. ලිබරල් සහෝදරත්වය සහ කළු තොප්පි ව්‍යාපාරය නම් සංවිධාන මෙලෙස ඉන් ඉවත් වුණා.

මේ අතර සර්ව පාක්ෂික අරගලකරුවෝ නමින් ගාලු මුවදොර අරගලයට සහය දුන් තවත් පාර්ශ්වයක් නිවේදනයක් නිකුත් කළා. අරගල බිම ආණ්ඩුවේ මර්දනකාරී කුමන්ත්‍රණ හස්තයන්ට නතු වීමේ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දිනූ ජයග්‍රහණ සහ එහි ගෞරවය රැක ගනිමින් අරගලයේ පළමු අදියර මේ මොහොතේ අවසන් කිරීමට උපක්‍රමිකව සහ තාර්කික තීරණයක් ගත යුතුව ඇති බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර අරගලයේ නිරත ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට සන්දේශයක් භාර දුන්නා. ඒ අරගලකරුවන්ට පහරදීම සහ මර්ධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now