ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව ආසන්නයේ රැදී සිටී හතර දෙනෙකුට සිදු වූ දේ

Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 26, 2022 04:02 PM GMT
Report

අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව ආසන්නයේ රැඳීසිටියදී අද (26) අත්අඩංගුවට ගත් අරගලකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහිදී නියෝග කෙරුණේ ජුලි 29 වනදා තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ක ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කර තිබූ අතර එම නියෝගය කඩ කරමින් එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අද උදෑසන පොලිස් අත්අඩංගුවට ගැනුණි.

පසුව කොටුව පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ හැකි ඉක්මනින් බණ්ඩාරනායක පිළිරුව අසල ඇති තාවකාලික කූඩාරම් ඉවත් කර එම ස්ථානයෙන් ඉවත් වන ලෙස  අරගලකරුවන්ට දැනුම්දී තිබුණි.

අනතුරුව පොලිස් නිලධාරීන් බණ්ඩාරනායක පිළිරුව අසල සිට මීටර 50ක ප්‍රදේශය සලකුණු කිරීම සිදුකළේය. එහිදී අරගලකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.

කෙසේවෙතත් පොලිස් නිලධාරීන් පිටව යාමෙන් අනතුරුව අරගලකරුවන් පිරිසක් බණ්ඩාරනායක පිළිරුව අසල තිබූ තාවකාලික කූඩාරම් ඉවත් කරන අයුරු දක්නට ලැබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now