නිවසකින් හමු වූ උණ්ඩ තොගය..
Sri Lanka Police
STF
By krishani
ගාල්ල - අක්මීමන - අමල්ගම ප්‍රදේශයේ නිවසක වළ දමා තිබූ ටී 56 උණ්ඩ 35ක් ඇතුළු තවත් ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ තොගයක් සොයාගෙන ඇත.
නිවැසියන් විසින් සිය ඉඩමේ මළ අපද්‍රව්‍ය බැහැර කිරිමට වලක් පිළිසකර කරන අවස්ථාවේ දී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත්තේ.
ටී 56 උණ්ඩ 35ට අමතරව එම්. 16 වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 8ක්, මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ 3ක්, යකඩ අත්විලංගු ඇතුළු තවත් දිරාගිය අවියක බවට සැකකරනු ලබන කොටස් කිහිපයක් එලෙස හමු වී ඇත්තේ.
නිවසේ හිමිකරු විදෙස් ගත රැකියාවක නියැලෙන අතර ඔහු විසින් පසුගිය දා මෙම ඉඩම අලුතින් මිලදීගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |