ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ගැන නවතම අනාවරණයක්..හේතුව මෙන්න.

Fuel Price In Sri Lanka Ajith Nivard Cabraal Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna May 24, 2023 01:22 AM GMT
Report

රට තුළ මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට නොලැබෙනුයේ රජය විසින් නිසියාකාරව රට පුරා ඉන්ධන බෙදාහැරීමට වඩා රටේ ජනතාවගේ ආර්ථිකය කඩා වැටීම නිසා පෞද්ගලික වාහන භාවිතය අවම වීම නිසා වන්නේ යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

කබ්රාල් මහතා මේ බව සඳහන් කළේ, ඊයේ (23දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

පසුගිය වකවානුවේ රට පුරා දින ගණන් පැවති ඉන්ධන පෝලිම් මේ වනවිට දක්නට නොලැබීම සම්බන්ධයෙන් සතුටු නොවන්නේ දැයි එහිදී මාධ්‍යවේදියෙක් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසා සිටියා.

ඔබතුමාට සතුටු නම් මටත් සතුටුයි රටේ ජනතාව සතුටින් ඉන්නවා දකින්න ඔවුන් වගේම මමත් කැමැතියි.

ඒත් මේ වනවිට අපේ රටේ ඩීසල් පරිභෝජනය සියයට 33 කින් පහළ වැටිලා.

ඒ වගේම පෙට්‍රල් සියයට 50 කින් හා භූමිතෙල් පරිභෝජනය සියයට 75 කින් අඩුවෙලා කියලා ඔබතුමා දන්නවාද?

ඉන්ධන පෝලිම් නැති වෙන්න ඉන්ධන නිසියාකාරව බෙදාහැරීම එක කාරණවක් විතරයි.

ඉන්ධන පරිභෝජනය එලෙස විශාල ලෙස පහළ බැස ඇත්තේ රටේ ජනතාවගේ ආර්ථිකය පිරිහීම නිසා, රටේ මිනිසුන්ගේ අතේ සල්ලි නැති නිසා පෝලිම් නැති වුණා කියා සතුටු වෙන්න පුළුවන්ද?


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now