අද මධ්‍යම රාත්‍රියේ සිට විශාල ගණනකින් ඉන්ධන මිල අඩු කෙරේ..නව මිල ගණන් මෙන්න.(UPDATE).

Fuel Price In Sri Lanka
By Aruna Mar 29, 2023 06:09 AM GMT
Report

Update 

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගමේ ඉන්ධන මිල ද CPC ඉන්ධන මිලට සමගාමීව අඩු කර තිබෙන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා.

......................

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඒ අනුව ,

පෙට්ට්‍රල් ලීටරයක් රු. 60කින් (එහි නව මිල රුපියල් 340ක් වනු ඇති).

ඩීසල් ලීටරයක් රු. 80කින් (එහි නව මිල රුපියල 325ක්).

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 135කින් (එහි නව මිල 375ක් වනු ඇති).

සුපර් ඩිසල් ලීටරයක් රු. 45කින් (එහි නව මිල 465ක්).

භූමිතෙල් රුපියල් 10කින් (එහි නව මිල 295ක් වනු ඇති).    

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now