අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන සම්බන්ධයෙන් ගන්න යන තීරණය මෙන්න..
Fuel Price In Sri Lanka
Ceylon Petroleum Corporation
Kanchana Wijesekera
Fuel Price In World
National Fuel Pass
By Aruna
අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සලාක වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසු ගියදා ප්‍රකාශ කළා.
ඒ අනුව ලියාපදිංචි කුලී රථ ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක්, සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් හිමිවන බවයි සඳහන් වන්නේ.
එසේම යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක ඉන්ධන සලාකයක් හිමිවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කළේ.
මේ අතර මේ සතියේ ඉන්ධන මිලද සංශෝධනය කිරීමට නියමිතව ඇත.
ඒ අනුව බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටින්නේ, ලෝකවෙළඳ පොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහල යෑම හේතුවෙන් එහි වාසි මේ සතියේ මෙරට පාරිභෝගික ජනතාවට හිමිවීමෙන් ඉන්ධන මිල තවත් පහල යනු ඇති බවයි.
ඉන්ධන සලාකය වැඩිකළ ආකාරය පහත ලේඛනයෙන් දැක්වේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
