ඉන්ධන සහ රන් මිල එකවරම ඉහළ යයි..හෙටින් පසු රට තුළ ඉන්ධන හිගයක් ගැන අනතුරු ඇඟවීමක්....

Fuel Price In Sri Lanka Gold Price in Sri Lanka Fuel Price In World Iran-Israel Cold War
By Aruna Apr 19, 2024 05:40 AM GMT
Report

ඉන්ධන සහ රන් මිල වැඩි වෙයි.

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සිකුරාදා උදෑසන ආmසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල ද අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙසටයි.

ඒ වාර්තාගත නව මිල බවයි සැලකෙන්නේ. එසේම ජපානයේ, හොං කොං සහ දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ ද කඩා වැටී ඇති බවට වාර්තා වනවා.

මේ අනුව, මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් දැඩි විමසිල්ලකින් පසුවනවා.

මේ අතර, රට තුළ ඉන්ධන හිගයක් හෙට දිනයෙන් පසු ඇති වීමේ අවදානමක් පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඉන්ධන පිරවුම්හල්වලට අදාළව පනවා ඇති වැට් බද්ද හේතුවෙන් එම තත්ත්වය ඇති විය හැකි බවයි.

අදාළ වැට් බදු වාරික හෙට සිට ගෙවීමට සිදුව ඇති බවද ඔහු කියා සිටියා.

මේ හේතුවෙන් ඉතා කුඩා ඉන්ධන පිරවුම් හලක් වුවද වැටි බද්ධ ලෙස ලක්ෂ 10ක අවම මුදලක් ගෙවීමට සිදු වන බවයි කපිල නාඔටුන්න මහතා පැවසුවේ.

මේ අතර, සංස්ථාව විසින් සියයට සියයක් ගෙවීමට තිබියදී 97% සංස්ථාව ගෙවා ඉතිරි 3% ක මුදල ඉන්ධන පිරවුම්හල් හිමියව් වෙත පවරා ඇති බවයි එම සංගමය චෝදනා කර සිටින්නේ.