ඉන්ධන මිල අඩු කළ හැකි අලුත් ක්‍රමයක් ගැන ඇමතිගෙන් දැනුම් දීමක්..
නව සැපයුම්කරුවන්ගේ තරඟකාරීත්වය තුළින් ඉදිරියේදී මෙරට ඉන්ධන මිල තවත් පහත දැමීමට හැකි වනු ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා.
අවශ්‍ය තොග ලැබීමෙන් අනතුරුව ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේතය ඉවත් කිරීමට පියවර ගන්නා බවයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පෙරේදා (03) දින මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගැස් සිලින්ඩර් මිල අඩු කිරිමත් සමඟ හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට නව මිලට පාරිභෝගිකයන්ට ගෑස් ලබා දීම සදහා ගැස් තොග බෙදා හරින අයුරු දැකගන්නට හැකි වූ බව අප වාර්තාකරු පැවසුවා.
සමාගම විසින් අඩු කල ගෘහස්ථ ගෑස් වල මිල අනුව පාරිභෝගිකයන්ට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කරන බවත්, කිලෝ 12.5 ගැස් සිලින්ඩරයක් රු 3790 ක මිලකට අලෙවි කරන බව හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් පැවසු බවත් වාර්තා කළා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කින් පහත දමා ඇත.
එහි නව මිල රුපියල් 3,638කි. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,462කි. කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 681කි.
මෙලෙස නව ගෑස් සිලින්ඩරයකින් රුපියල් 100ක් අඩු කර තිබියදී පෙර පැවති මිලටම ගෑස් අලෙවි කිරීම පාරිභෝගික ජනතාවට සිදු කරන බලවත් අසාධාරණයකි.
මේ පිළිබඳව අදාල අංශයන්හි බලධාරීන් නිසි පියවර ගන්නට කටයුතු කරන්න.
කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගම පවසන්නේ සිය ගෑස් නිෂ්පාදන මිල අඩු නොකරන බවය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |