ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් දැනුම්දීමක්..
Fuel Price In Sri Lanka
Sri Lanka
Kanchana Wijesekera
By Aruna
අප්‍රේල් මාසයේදී සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ දී ජනතාවට සහනයක් දීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ පවත්වා තිබුණා.
එහිදී විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල, සාමුහික ගිවිසුම්, විදුලි ගාස්තු ක්‍රමවේදය සහ රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වුණේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |