ඩීසල් සහ පෙට්‍රල් අඩු 70කි අඩු කරයිද?..භූමිතෙල් 200කින්..

Fuel Price In Sri Lanka Sri Lanka
By Aruna Aug 17, 2022 12:24 AM GMT
Report

භූමිතෙල් ලීටරය රු. 200කින් ඉහළ දැමීමේ සූදානමක් ලෝක වෙලෙදපලේ මිලට සාපේක්ෂව මෙරට ඩීසල් හා පෙට්‍රල් ලීටරය රුපියල් 70 බැගින් මිළ අඩු කළ හැකි බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පෙන්වා දෙයි.

එහි කැදවුම්කරු ආනන්ද පාලිත ඊයේ(16) කොළඹදි පැවති මාධ්‍ය හවමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේය.

පෙරේදා මධ්‍යම රාත්‍රීයේ ඉදලා ඉන්ධන මිල සංශෝධනය වෙන්න ඕනේ. ඇමතිවරය කියපු කරුණු අනුවත්, ගණනය කරන ක්‍රමවේද අනුවත්.

ඒවා සංශෝධනය කරනවා කියන්නේ වැඩි නෙමෙයි, දැන් තියෙන තත්ත්වය අනුව ලෝක වෙළෙදපොළේ ඩොලර් 27කට වඩා බොරතෙල් බැරල් එකක් මේ ආණ්ඩුවත්, ගිය ආණ්ඩුත් හැම ආණ්ඩුවක්ම විපක්ෂයේ ඉන්නකොට කියපු දේ තමයි ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල අඩු නම් ඒ සහනය ජනතාවට දිය යුතුයි කියන එක. මිල සූත්‍රය හදලා කිව්වෙත් ඒකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now