අද සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක නව මිල මෙන්න

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Nov 02, 2026 05:49 AM GMT
Report

අද (02) සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 490කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 424ක් දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 05කින් මිල ඉහළ නැංවෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 397කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 543ක් දක්වා ඉහළ යනු ඇත. කෙසේවෙතත් භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුවන්නේ නැත.

ඒ අනුව භූමිතෙල් මිල වන්නේ රුපියල් 285 කි. මෙඅතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සමඟ සමාන කිරීම සඳහා ලංකා අයි.ඕ.සී. (Lanka IOC) සමාගම විසින් 92 ඔක්ටේන් පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව, මෙතෙක් පවත්වාගෙන ගිය මිල සංශෝධනය කරමින් සිපෙට්කෝ මිල ගණන්වලට සමානව මෙම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.

කෙසේ වෙතත්, සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කිරීම ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

FUEL PRICE REVISED.pdf by rishma