ඉන්ධන මිල පහළට - නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න. (PHOTOS)

Fuel Price In Sri Lanka Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani May 31, 2023 04:26 PM GMT
Report

අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 318ක් වේ.

මේ අතර ලංකා භූමිතෙල් මිල ද රුපියල් 50කින් පහළ දමා තිබෙනවා.එහි නව මිල රුපියල් 245ක් වේ.

එසේම ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 270කි.

මේ අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 385ක් ය.

එසේම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.

එ අනුව එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 340ක් ය.

එම සංශෝධනය කළ ඉන්ධන මිල ගණන් පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery