ත්‍රි රෝද රථ සදහා වැඩිපුර ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක්

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sithumi Aug 07, 2022 01:47 PM GMT
Report

කුලී ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටා ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ, කුලී ත්‍රිරෝද රථ සඳහා දැනට නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට චෝදනා පවතින බවය. ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ගාල්ල ප්‍රදේශයේ දී උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේය.

"ත්‍රීවීලර් ගත්තොත් උදාහරණයක් ලෙස, පූර්ණ කාලීනව දුවන අය සහ අර්ධ කාලීනව දුවන අය, පෞද්ගලික අව්‍යතාවයන් සඳහා දුවන අය අපි වෙන් කරගත යුතුයි. පූර්ණ කාලීනව තම ජීවිකාව වන ත්‍රීවීල් දුවන අයට ඇමතිතුමා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ කෝටා ගැන යම් කිසි සංශෝධනයක් කිරීමට. තෙල් සාමන්‍ය පරිදි මේ වගේ අපි බෙදන්න වගබලා ගන්නවා. මේ දෙන තත්ත්වයට ඉදිරියට අඛණ්ඩව තෙල් ලබාදෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගේ දවසක් දෙකක් පෝලිමේ ඉන්න අයට පැය භාගයකින් ඉන්ධන ලබාගෙන යන්න පුළුවන් තත්ත්වයකට අපි දැන් ඇවිල්ලා තියෙනවා. මම බලාපොරොත්තුවෙනවා මේකට අනුගත වෙලා සහායදෙන්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now