හෙට සිට සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබාගත හැකි විශේෂිත වැඩපිළිවෙල - විශේෂ නිවේදනයක්..!
Sri Lanka
Ministry of Health Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
හෙට සිට යළිත් සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මීට පෙර සෑම සිකුරාදා දිනයකදීම සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන ලබාදීම සිදුකළ අතර, එය පසුගිය සති දෙක තුල නතර කිරීමටයි පියවර ගෙන තිබුණේ.
කෙසේ වෙතත්, හෙට දිනයේදී යළිත් සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන ලබාදීම සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ අනුව යතුරුපැදියක් සඳහා ලීටර් 6 ක් ද, ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 8 ක් ද සීමාවකට යටත්වයි ඉන්ධන නිකුත් කිරීම සිදුවන්නේ.
එමෙන්ම, මෝටර් රථ සඳහා ලීටර් 20ක සීමාවකට යටත්ව හෙට දිනයේදී සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
