වාහන අංක තහඩු අනුව ඉන්ධන ලැබෙන නවතම දිනයන් මෙන්න
Sri Lanka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By Sithumi
එළඹෙන ජූලි 21 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සඳහා වන වාහන අංක තහඩු වල අවසාන ඉලක්කම් ක්‍රමවේදය සංශෝධනය කර තිබෙනවා.
විදුලි බල හා බලශති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් ඒ බව සඳහන් කරනවා.
ඒ අනුව
0,1,2 යන අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 යන අංක සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 යන අංක සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනය ද
වශයෙන් එම සංශෝධනය කිරීම සිදු කර තිබෙනවා. එසේ ම ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR කේත පරීක්ෂාවක් ජූලි 21 සිට 24 දක්වා කොළඹ ස්ථාන කිහිපයක දී සිදු කරන බව ද අදාළ පණිවිඩයේ සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |