ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් විශේෂ පැහැදිලි කිරීමක්..!

Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Mar 29, 2023 01:19 PM GMT
Report

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පෙරවරු 6 සිට සවස 4 දක්වා කාලය තුළ බෙදාහැර ඇති ඉන්ධන තොග සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ කාලය තුළ ඔටෝ ඩීසල් ලීටර් 6,600 ක ලෝඩ් 574 ක් සහ පෙට්‍රල් 92 ලීටර් 6,600ක ලෝඩ් 512 ක් බෙදාහැර ඇති බවයි.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ එම ප්‍රාදේශීය ඩිපෝවලින් අදාළ බෙදාහැරීම් සිදුකර තිබේ. සියලුම බෙදාහැරීම් අඛණ්ඩව සිදුකිරීමට කටයුතු කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සියලුම සේවකයින්ට තමා ස්තූතිය පිරිනමන බවත් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව අවශ්‍ය ආරක්‍ෂාව අඛණ්ඩව සපයාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පණිවිඩය මගින් දන්වා සිටිනවා.