වැඩි කළ ඉන්ධන කෝටාව ගැන අලුත්ම ආරංචියක්...
Fuel Price In Sri Lanka
Sri Lanka
By Aruna
අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩිකරන ලද ඉන්ධන කෝටාව අද සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසෙම ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ප්‍රධාන ගුවන්විදුලි නාලිකාවකට පවසා ඇත්තේ, ඉන්ධන කෝටාව වැඩි කළ දිනවල පරිභෝජනය ඇතුලු සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කර එම වැඩිකළ ඉන්ධන කෝටාව අඛණ්ඩව ලබාදෙන්නේද, නැත්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවයි.
කෙසේවෙතත් ඉන්ධන කෝටාව වැඩි කිරීමත්,අලුත් අවුරුදු උත්සව සමය නිසාත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන හිඟයක් දකින්නට ලැබුණා.
මෙම ඉන්ධන හිඟයත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ දෙන්නට සිදු බව අප වාර්තාකරුවන් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |