QR කේතය ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Kanchana Wijesekera National Fuel Pass
By Aruna Feb 27, 2023 07:21 AM GMT
Report

ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බවට පලවන මාධ්‍ය වාර්තාකර තිබුණා.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ, ඉන්ධන බලපත්‍රය අහෝසි කිරීමට කිසිදු තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති බවයි.

මේ වන විට නිකුත් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට ජාතික ඉන්ධන කෝටාව දත්ත විශ්ලේෂණය කරනු ලබන බවයි.

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව තීරණ ගනු ලබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අදාල ටිවිටර් නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery