විශේෂ පිරිසකට ඉන්ධන නොමිලේ - අද සිට ක්‍රියාත්මකයි.
චීන රජයෙන් මෙරටට ලබාදුන් ඩීසල් තොගය වී ගොවීන්ට නොමිලේ බෙදාහැරීමේ කටයුතු අද (09) සිට ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව වෙනුවෙන් ඩීසල් ලීටර් මිලියන 10.06ක තොගයක් චීන රජයෙන් පරිත්‍යාග කළ අතර එම ඉන්ධන වී වගා කරන ගොවි ජනතාව වෙත නොමිලයේ බෙදාහැරීම් කටයුතු අද සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
ඉන්ධන තොගය එක් එක් ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට සැළසුම් කර ඇත.
එම වවුචර පත නිල වශයෙන් නිකුත් කිරීම අද පෙරවරු 11.00 කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත අතර ඒ අනුව අස්වනු නෙළීමේ කටයුතු වෙනුවෙන් හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හා හෙක්ටෙයාර් 02ක් සඳහා ඩීසල් ලීටර් 30ක් වශයෙන් එම ඉන්ධන ගොවීන් වෙත ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |