ඉදිරි සති දෙක තුළ බස්රථ ධාවනය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Bus Strike Lanka IOC Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 02, 2022 11:54 AM GMT
Report

ඉදිරි සති දෙක තුළ කාර්යාල බස්රථ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

පවතින ඉන්ධන ගැටලුව මුල් කරගනිමින් විවිධ ආයතන විසින් සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

පෞද්ගලික බස් රථ සඳහා නියමිත පරිදි ඉන්ධන ලබාදෙන්නේ නම් වත්මන් බස් ගාස්තුවට වඩා අඩු මුදලකට එම කාර්යාල සේවාව සැපයීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය. 

ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබාදෙන බවට ප්‍රකාශ කළද මේ දක්වාත් එම කටයුතු නිසි පරිදි සිදු නොවන බව පෙන්වා දෙන ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මගීන් පත්වී ඇති දුෂ්කරතාව පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම කනගාටුදායක තත්ත්වයක් බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now