ඉන්ධන මිල සංශෝධනයෙන් පසු තෙල් වියදම ප්‍රකාශයට පත්කෙරේ..!
                                    
                    Ceylon Petroleum Corporation
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ මැයි මාසයේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ඉන්ධන වියදම් සාරංශය ප්‍රකාශයට පත් කර තිබේ.
එහි දැක්වෙන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 77.95ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 100.17ක, ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 51.73ක , සුපර් ඩීසල් ලීටරයකට රුපියල් 73.62ක හා භූමිතෙල් ලිටරයකට රුපියල් 3.72ක බද්දක් පැනවෙන බවය.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 02ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 98ක් සහ සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 9.86ක ලාභයක් සංස්ථාව උපයන බවත්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 89ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.95ක් අලාභ ලබන බවත් එම සාරාංශයේ සඳහන්ය.
එම වියදම් ලේඛණය පහතින්..
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |