ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණ..

Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sithumi Apr 06, 2023 11:04 AM GMT
Report

අද(6) සියලුම ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී විශේෂ තීරණ කිහිපයක්ම ගෙන තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේ,ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග පැවති ප්‍රගති සමාලෝචන හමුවකදී මෙම තීරණ ගත් බවයි.

එහිදී, ඉන්ධන ටැංකි ගබඩා තුල ධාරිතාවෙන් අවම 50%ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවට තීරණය කර තිබේ. 

වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආයතනය සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් GPS මෙවලම් සවි කිරීම අප්‍රේල් 15වන දා වන විට අවසන් කරන බවය.

එසේම පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන්ද එය ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now