ඉන්ධන බෙදා හැරීම ගැන රජය ගත් විශේෂ තීරණය

Ceylon Petroleum Corporation Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Sewvandhi Mar 13, 2023 01:47 PM GMT
Report

ඉන්ධන බෙදා හැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.

ඒ සිනොපෙක් සමූහ ව්‍යාපාරයේ නියෝජිතයන් සමඟ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය. 

 හම්බන්තොට පිරිපහදුවක් සඳහා ආයෝජනය කිරීමට සිනොපෙක් සමූහ ව්‍යාපාරය ද එහිදී පොරොන්දු වී ඇත ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයට අනුගතව තම ආයතනය අයදුම් කර ඇති බව සදහන් කළ නියෝජිතයන් රජය විසින් හඳුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවට ද ජනාධිපතිවරයා දැනුවත් කළේය.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අභිලාෂ මත සිදු වන අදාළ කැඳවීම් සඳහා තම සමාගම ඉදිරිපත්වීමට සූදානමින් සිටින බව ද එම නියෝජිත පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු දැක්වූ සිනොපෙක් ආයතනයේ නියෝජිත පිරිස ඊට අදාළ යෝජනාවලිය ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගෙන යන වැඩසටහනෙන් පසුව ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන බවය. එමෙන්ම ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක වන විදේශීය ව්‍යාපාර දිරිගැන්වීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර..