ප්‍රා.ලේකම්ගේ වැසිකිළියෙන් හදිසියේම මතු වූ දේ

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sewvandhi Aug 01, 2022 08:11 AM GMT
Report

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැසිකිලියේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නේවාසිකාගාරයේ තිබී ඉන්ධන තොගයක් සඟවා තිබීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයා නීතිවිරෝධීව ඉන්ධන රැස්කරගෙන සඟවා තබාගෙන ඇති බවට ලැබුනු ජනතා පැමිණිළි කිහිපයකට අනුව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක් මුලතිව් දිසාපති කාර්යාලයේද අවසරය මත මෙම සෝදිසිය කරන ලදි.

එහිදී පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් වැසිකිලිය තුල සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නේවාසිකාගාරයේදී සඟවා තිබූ ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ලීටර් 65 කට අධික ප්‍රමාණයක් තිබී පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

එහිදී වැටලීම සිදුකල පොලීසිය පවසා සිටියේ අදාල ප්‍රාදේශීය ලේකම් වරයාගේ අනුදැනුම මත ඉන්ධන සඟවා තිබීම සහ ඒ පිළිබඳව නැගුනු ජනතා විරෝධය මත මෙම වැටලීම සිදුකල බවටත් එසේ නොවන්නට ජනතාව විසින් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩාවැදුනේනම් දේපල හානි මෙන්ම පුද්ගල හානි වීමේ අවදානමක්ද පැවති හෙයින් තත්වය පාලනය කිරීමට මෙම පියවර ගත් බවටය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් එස්. ජයකාන්ත් මහතා ,අදාල ඉන්ධන තමන්ගේ රාජකාරී කටයුතු සඳහා පමණක් තබාගත් බවත් කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් පොලීසිය නොමග යවා මෙලෙස වැටලීම සිදුකිරීම දැඩි අසාධාරණයක් බවත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now