ඉන්ධන පිරවුම්හල්වල යළිත් සිදු වෙන්න යන විශේෂ දේ

By Sithumi Jul 31, 2022 12:35 PM GMT
Report

ඉන්ධන පිරවුම්හල්වලින් ඉවත් කළ යුද හමුදා ආරක්‍ෂාව නැවත දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (31) පස්වරුවේ පැවසීය

. යුද හමුදා ආරක්‍ෂාව ඉවත් කළ හේතුව නොදන්නා බවත් ඉන්ධන පිරවුම්හල්වලට අනියුක්ත කර තිබූ යුද හමුදා නිලධාරීන් නැවත ලබාදෙන්නේ නම් පිරවුම්හල්වල ආරක්‍ෂාව තහවුරු වන බවත් නාඔටුන්න මහතා වැඩි දුරත් කීය.