බස් ධාවනය දින දෙකකට සීමා වෙයි..? බස් සංගමයෙන් කියන කතාව
Sri Lanka
Sri Lanka Bus Strike
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ලංගම හරහා ඉන්ධන ලබාදුන්නද එම ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින දෙකකට පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් සඳහන් කළා.
ලංගම ඩිපෝ මගින් සතියකට ලබාදෙනු ලබන්නේ ඩීසල් ලීටර් 140ක පමණ ප්‍රමාණයක් වන අතර ඔහු පෙන්වා දුන්නේ කෙටි දුර ධාවන බස් රථයක් එක් දිනක ධාවනයට පමණක් ඩීසල් ලීටර් 70ක් පමණ වැය වන බවයි.
එබැවින් බස් රථ ධාවනය කළ හැකි වන්නේ දින දෙකක් පමණක් බව ද අංජන ප්‍රියන්ජිත් සඳහන් කළා. හෙට දිනයේ දිවයින පුරා ධාවනය කළ හැකි වන්නේ බස් රථ සියයට 20ක පමණ ප්‍රමාණයක් වන අතර එය සංඛ්‍යාත්මකව ගත් කළ බස් රථ 2000ත් 3000ත් අතර ප්‍රමාණයක් බව ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ හෙට සිට සියයට 50ක ධාරිතාවයකින් බස්රථ ධාවනයට එක් කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |