ඉන්ධන අඛණ්ඩව නිකුත් කරන දිනය ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 17, 2022 02:44 PM GMT
Report

ඉදිරියේ දී ඉන්ධන ලබාදීම සිදුකරනු ලබන්නේ ඉන්ධන අවසර පත්‍රයට අනුව බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බෙදාහරින්නන්ගේ සංගමයේ ලේකම්, කපිල නාඔටුන්න මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, එළැඹෙන ජූලි මස 20 වනදායින් පසුව ඉන්ධන නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.

"ඉදිරියේ දී ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ මෙම අවසර පත්‍රය මත සහ ඊට අමතරව එක් එක් වාහන අංකයේ අග අංකය සඳහා නියමිත දින ලබාදෙන බවටත් ඇමතිතුමා අපිව දැනුවත් කළා. ඉදිරියේ දී මෙම අවසර පත්‍රයේ සඳහන් ලියාපදිංචි අංකය අනුව අග අංකය අනුව නියමිත තෙල් ප්‍රමාණය සතියකට දෙවරක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරනවා. කාරුණිකව ඉල්ලා සිටිනවා පෝලිම්වල සිටීමෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. තමාට හිමි අංකය අනුව නියමිත දිනට තමා ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුත්තේ." 

එමෙන්ම අද පෙරවරුවේ ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් විෂය භාර අමාත්‍යවරයා පවසන්නේ වාහන කිහිපයක් ඇති ව්‍යාපාර ආයතන සඳහාද මෙය හඳුන්වාදීමට ජාතික ඉන්ධන අවසර පත් ක්‍රමවේදය ඉදිරි දිනවලදී වැඩිදියුණු කරන බවය.

Verification හෙවත් සත්‍යාපනය කිරීමෙන් පසු සෑම වාහනයකටම නිශ්චිත QR කේතයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම අමාත්‍යවරයා අද පස්වරුවේ තවත් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ නියමු ව්‍යාපෘතියක් ලෙස ජංගම ඉන්ධන බෙදාහැරීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය. ඒ අනුව ත්‍රීරෝද රථ, විදුලිජනන යන්ත්‍ර, බෙදාහැරීම් යතුරුපැදි සහ කෑන් සඳහා ඉන්ධන නිකුත් කිරීම මේ ජංගම ඉන්ධන බෙදාහරින්නන් මගින් සිදුකිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now