ඉන්ධන පිරවුම් හලකදී පොලිස් නිලධාරීන්ට පහරදුන් තිදෙනකුට සිදු වූ දේ

Police spokesman Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 16, 2022 12:09 PM GMT
Report

සේරුනුවර ඉන්ධන පිරවුම්හලක් අසල රථ වාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදි රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී පිරවුම්හල අසල රථ වාහන රාජකාරි සිදුකළ පොලිස් නිළධාරින් දෙදෙනෙකු ආරක්ෂක හිස්වැසුම් නොමැතිව පැමිණි යතුරුපැදියකට නතර කිරීමට සංඥා කළ ද නොනවත්වා යතුරුපැදිය ධාවනය කර ඇත්තේ පොලිස් නිලධාරින්ට පරුෂ වචනයෙන් බැණ වදිමින්.

එම අවස්ථාවේ යතුරුපැදිය මාර්ගයේ පෙරලී අනතුරක් සිදුව ඇති අතර, පොලිස් නිලධාරින් එම ස්ථානයට ගිය විට යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු එක් නිලධාරියෙකුගේ නිල ඇඳුමෙන් ඇද පහරදී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලීසිය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now