සියල්ලන් බලාසිටි ඉන්ධන නෞකාවක් හෙට දිවයිනට - CPC දැනුම්දෙයි..!
Sri Lanka
Minister of Energy and Power
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් යාත්‍රාවක් සිකුරාදා (15) දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සඳහන් කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ ඉන්ධන රැගත් යාත්‍රාව සඳහා අදාළ ගෙවීම් සිදු කර ඇති බවයි. පෙට්‍රල් සහ ඩීසල් රැගත් තවත් යාත්‍රා කිහිපයක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව තවමත් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.
රට පුරා සිටින බොහෝ ජනතාව තවමත් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිති. ඉන්ධන ප්‍රමාදය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් කිහිපයක ගැටුම් හටගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |