අතටම හසුවූ දිනපතා සිදු කල මහා ඉන්ධන ජාවාරම...(VIDEO)

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 07, 2022 09:20 AM GMT
Report

ඉන්ධන ජාවාරමක් හසුවෙයි! හතරැස්කොටුව ගල්ඔය පොලිස් ස්ථානාධිපති තුමාට ලැබුනු තෙරතුරක් මත අද අලුයම හතරැස්කොටුව පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ග බාදකයේදි ත්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට දාවනය වු කුඩා වෑන් රථයක් පරික්ෂා කිරීමේදී එය තුළ ඩීසල් ලීටර් 100 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මෙම ඉන්ධන ලීටර් 25, බුලි වලට දමා තිබේන අතර එසේ ලීටර් 25 ඩීසල් පිරවු බුලී 4ක් සොයාගෙන ඇත. රියදුරු සහ රිය සහයක සැක කරවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා තිබෙන්නේ තමන් කන්තලේ අයිඕසි පිරවුම් හලේ සේවකයෙක්ට මුදල් ලබා දී මෙම ඉන්ධන ලබාගෙන කුරුණැගල මැල්සිරිපුර ප්‍රදේශයට රැගෙන ගොස් ඩීසල් ලීටරයක් රුපියල් 1100කට මුදලට අලෙවි කරන බවයි සැක කරුවන් සදහන් කර ඇත්තේ.

ඉන්ධන අර්බුදය ආරම්භයත් සමග මොවුන් මෙම ජාවාරම දිනපතා කරගෙන ගොස් තිබෙන බවයි පොලිසිය සදහන් කරන්නේ ගල්ඔය පොලිස්සිය බාරයට ගත් ඩීසල් තොගය සහ සැකකරුවන් දෙදෙනා හා වෑන් රථය අද හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අදිකරනයට ඉදිරිපත් කිරිමට නියමිතයි වැඩිදුර පරික්ෂන ගල්ඔය හතරැස්කොටුව පොලිසිය පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now